මහවැලි සංවර්ධන වැඩසටහනDSsEempc 12Ss h KEe

බහුකාර්ය සහ දිගුකාලීන මහවැලි සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන යෝජනාක්‍රමයයි. ව්‍යාපෘතියේ වැඩකටයුතු සඳහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, කැනඩාව, ස්වීඩනය වැනි රටවල් වලින් ආධාර හිමිවිය.

පටුන

  • 1 මහවැලි ගඟ සංවර්ධනය
  • 2 සංවර්ධන වැඩසටහනේ අරමුණු
  • 3 ක්‍රියාවට නැංවීම
  • 4 වැඩසටහන ආරම්භ කිරීම
    • 4.1 ව්‍යපෘතිය පිරිහීම
    • 4.2 කඩිනම් වැඩ පිළිවෙල
    • 4.3 වැඩසටහන යටතේ ඉදිකල ජලාශ
    • 4.4 මහවැලි සංවර්ධන අමාත්‍යාංශය
  • 5 ප්‍රතිලාභී කලාප
  • 6 මේවාද බලන්න
  • 7 මූලාශ්‍ර
  • 8 බාහිර සබැඳි

මහවැලි ගඟ සංවර්ධනය[සංස්කරණය]

1912 ව්‍යවස්ථා සභාවේ පළමු දෙමළ නියෝජිත කේ. කනකසභාපති මහතා, මහවැලි ජලය වන්නි දිස්ත්‍රික්කයට ගෙන යාම ගැන පළමුවෙන්ම අවධානය යොමු කල පුද්ගලයා වෙයි. පසුව ඩී.එස්. සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යන මහත්වරු සහ තවත් අය මහවැලි ගඟ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපාර ගැන අවධානය යොමු කළහ.

මහවැලි ගඟ උතුරට හැරවීම ගැන පුළුල් සමීක්ෂණ ඇරඹුනේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් 1950 ගණන් වල සිටයි.[1] දිවයිනේ ජල සම්පත් සමීක්ෂණය වෙනුවෙන් කොළඹ ක්‍රමය යටතේ පසුව කැනඩා රජයේ ආධාර හිමිවිය. 1958 දී ශ්‍රී ලංකා රජය, ඇමෙරිකා එක්සත් ජනපදය සමග ඇතිකරගත් ගිවිසුමක් අනූව, මහවැලි බහු කාර්ය ව්‍යාපාරයක් සඳහා සමීක්ෂණයක් ඇරඹුණි. 1965 එක්සත් ජාතීන්ගේ සංවර්ධන සැලැස්ම (UNDP), ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) කල සමීක්ෂණ මත 1969 දී මහවැලි මහ සැලැස්ම (MASTER PLAN) බිහි විය.

සංවර්ධන වැඩසටහනේ අරමුණු[සංස්කරණය]

  • නව ජනාවාස ඇතිකිරීම
  • විදුලිබලය උත්පාදනය
  • වී ගොවිතැන ප්‍රමුඛ කෘෂීකර්මය
  • ගංවතුර පාලනය

මහවැලි ගඟත්, එහි අතු ගංඟාත් මාදුරුඔයත් ආශ්‍රය කොටගෙන දේශීය භූමි ප්‍රමාණයෙන් 39% ක් පමණ වූ ප්‍රමාණය සංවර්ධනය කිරීමත්, රටට අවශ්‍ය විදුලි බලය නිපදවා ගැනීමටත්, ඇතැම් ප්‍රදේශ වල ගංවතුර පාලනය කිරීමටත්, නව ගොවි බිම් ඇතිකිරීමටත්, නව ජනාවාස බිහිකිරීමත්, එමගින් නව රැකියා අවස්ථා ලබා දීමත්, මහවැලි මහ සැලැස්මෙන් අපේක්ෂා කෙරිණි. කෘෂිකර්මාන්තය නවීනරණය වීම, සත්ව පාලනය, කෘෂිකර්මය පාදක කරගත් කර්මාන්ත සංවර්ධනය කිරීම අනෙකුත් අපේක්ෂිත අරමුණු විය.

ක්‍රියාවට නැංවීම[සංස්කරණය]

වසර 30 ක් ඇතුළත මහවැලි මහ සැලැස්ම ක්‍රියාවට නැංවීම මුල් යුගයේ අපේක්ෂාව විය. අදියර 3 ක් යටතේ ප්‍රධාන ජලාශ විදුලි බලාගාර හා ජනාවාස කලාප සංවර්ධනය සඳහා සැලැස්මක් වූ අතර වාරිපෝෂිත ඉඩම් අක්කර 9,000,000 ක් සංවර්ධනය කිරීමද, මෙගාවොට් 808 ක ස්ථාපිත ධාරිතාවකින් යුතු විදුලි බලාගාර 14 ක් ඉදිකිරීමද වැඩ පිළිවෙලට අයත් විය.

වැඩසටහන ආරම්භ කිරීම[සංස්කරණය]

1970 පෙබරවාරි 28 වන දින ඩඩ්ලි සේනානායක මහතා පොල්ගොල්ල ජලාශ ව්‍යාපාරයට මුල්ගල තබමින් මහවැලි මහ සැලැස්ම ක්‍රියාත්මක කෙරීය.

ව්‍යපෘතිය පිරිහීම[සංස්කරණය]

1977 වන විට මහවැලි ව්‍යාපාරයේ ප්‍රගතිය අපේක්ෂා කල තරම් නොවීය. එවකට රටේ පැවැති දුර්වල ආර්ථික තත්වය හා අවශ්‍ය තරම් පුහුණු ඉංජිනේරු සහ තාක්ෂණික ක්ෂේත්‍ර වල නිලධාරීන් හිඟ වීම ඊට හේතු විය.

කඩිනම් වැඩ පිළිවෙල[සංස්කරණය]

මහවැලි මහ සැලැස්ම යෝජනා කොට තිබුණේ වසර 30 කදී අනුක්‍රමයෙන් නිම කිරීමටයි. නමුත් ඒ සමය වන විට රටෙහි ආර්ථිකයේ දැවෙන ප්‍රශ්න රාශියක් තිබූ නිසා මහවැලි ව්‍යාපාරයේ කටයුතු කෙටි කලකින් නිම කිරීමට අත්‍යාවශ්‍ය විය. ඒ අනූව 1977 ඔක්තෝම්බර් 12 වනදා මහවැලි සංවර්ධන මණ්ඩලයට රැස්වූ එවක අගමැති ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මහවැලි සංවර්ධන ව්‍යාපාරය කඩිනම් කිරීමට තීරණය කරන ලදී.

පසුව එම වසරේම ජනපති ධූරයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විධායක නායකත්වයෙන්, අගමැති රණසිංහ ප්‍රේමදාස මහතාගේ මගපෙන්වීම යටතේ මහවැලි කඩිනම් වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරුණි. මහවැලි කඩිනම් වැඩ පිළිවෙලේ වගකීම, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක මහතාට භාර විය.

කඩිනම් වැඩ පිළිවෙල යටතේ බලශක්ති සම්පාදනයට අනුබල දෙන ප්‍රධාන ජලාශ 4 ක් නිමවිණි. වික්ටෝරියා ජලාශය, කොත්මලේ ජලාශය, මාදුරුඔය ජලාශය, හා රන්දෙණිගල ජලාශය එලෙස ඉදිවූ මහා ජලාශ හතරයි.

වැඩසටහන යටතේ ඉදිකල ජලාශ[සංස්කරණය]

වික්ටෝරියා ජලාශය
  • පොල්ගොල්ල ජලාශය
වැඩ ඇරඹීම - 1970 පෙබරවාරි 28 දින
විවෘත කිරීම - 1976 ජනවාරි 8 දින
  • වික්ටෝරියා ජලාශය (කඩිනම් වැඩ පිළිවෙල යටතේ ඉදිවූ මුල්ම ජලාශය, බ්‍රිතාන්‍ය රජයේ ආධාරයෙන් ඉදිවූවකි)
වැඩ ඇරඹීම - 1978
විවෘත කිරීම - 1985 අප්‍රියෙල් 12 (විවෘත කිරීමේ අවස්තාවට එවක බ්‍රිතාන්‍ය අගමැතිනිය මාග්‍රට් තැචර් මැතිණිය සහභාගී වූවාය)
කොත්මලේ ජලාශය
  • මාදුරුඔය ජලාශය (කඩිනම් වැඩ පිළිවෙල යටතේ ඉදිවූ ජලාශය. කැනඩා රජයේ ආධාරයෙන් ඉදිවූවකි)
වැඩ ඇරඹීම -
විවෘත කිරීම - 1983 ජූලි 2 දින
  • කොත්මලේ ජලාශය (කඩිනම් වැඩ පිළිවෙල යටතේ ඉදිවූ ජලාශය)
වැඩ ඇරඹීම - 1979 පෙබරවාරි 4 දින
විවෘත කිරීම - 1985 අගෝස්තු 24
  • රන්දෙණිගල ජලාශය[2](කඩිනම් වැඩ පිළිවෙල යටතේ ඉදිවූ අවසන් ජලාශය.බටහිර ජර්මනි රජයේ ආධාරයෙන් ඉදිවූවකි)
වැඩ ඇරඹීම - 1982 නොවැම්බර් 21 දින
විවෘත කිරීම - 1988 නොවැම්බර් 31 දින
  • උල්හිටිය ජලාශය
වැඩ ඇරඹීම -
විවෘත කිරීම - 1983 අප්‍රියෙල් 9 දින
  • රත්කිඳ ජලාශය
වැඩ ඇරඹීම -
විවෘත කිරීම - 1988 අගෝස්තු 4 දින


මහවැලි සංවර්ධන අමාත්‍යාංශය[සංස්කරණය]

මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කරන සෑම කලාපයකටම අවශ්‍ය මං මාවත්, වාරි පද්ධති, නගර නිර්මාණ, පරිපාලන පද්ධති, රෝහල්, තැපැල් සේවා, ගබඩා, පොලීසි ආදී මූලික පහසුකම් ඇතිකිරීම සඳහා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය නමින් වෙනම අමාත්‍යාංශයක් ඇරඹූ අතර, ඒ යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ස්ථාපනය කෙරිණි.

ප්‍රතිලාභී කලාප[සංස්කරණය]

රටේ වියලි කලාපයෙන් 55% ක් ඇතුළත් වන මහවැලි මහ සැලැස්මට ප්‍රධාන කලාප 13 ක් අයත්ය.

කලාප සංකේතය ප්‍රධාන නගරය (යෝජිත) වර්තමාන තතවය කලාප විස්තරය
A අරඹා නැත ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
මහවැලි පහළ ඩෙල්ටාව
B (රංදියනුවර) අරඹා නැත පොළොන්නරුව, මඩකලපුව දිස්ත්‍රික්ක
මාදුරුඔය ද්‍රෝණිය
C ගිලාඳුරුකෝට්ටේ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ නිමකෙරිණි බදුල්ල, අම්පාර දිස්ත්‍රික්ක
රොටවෙල ජලාශ ප්‍රදේශය
D( D1, D2) කදුරුවෙල මින්නේරිය, කවුඩුල්ල, ගිරිතලේ සහ පරාක්‍රම සමුද්‍රය (පොළොන්නරුව දිස්ත්‍රික්කය)
කන්තලේ සහ වෙන්ඩරාසකුලම් (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය)
E නැත
F අදාල නැත අත්හැර දැමිණි වස්ගොමුව අභයභූමිය
G බකමූණ ඇළහැර, මින්නේරිය, යෝධ ඇල ප්‍රදේශ
H එලිසබෙත් රැජින නගරය ඇතුළුව තඹුත්තේගම කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ නිමකෙරිනි කලා ඔය ද්‍රෝණිය
I මල්වතු ඹය ද්‍රෝණිය
J වවුනිකලම් ප්‍රදේශය
K කනගරායන්ආරු ප්‍රදේශය
L තන්නිමුරුප්පුකුලම් හා කන්තලේ ප්‍රදේශය
M යාං ඔය ප්‍රදේශය
M/H

මේවාද බලන්න[සංස්කරණය]

  • ගල් ඔය නිම්න සංවර්ධන වැඩසටහන

මූලාශ්‍ර[සංස්කරණය]

  1. http://www.mahawelicomplex.lk/more.htm
  2. http://www.sundaytimes.lk/101024/FunDay/fut_01.html

බාහිර සබැඳි[සංස්කරණය]

  • මහවැලි වෙබ් අඩවිය

Popular posts from this blog

๜ัษ ๜ัโ ๒ฬ๏ ฒซ๗๻๗,ง,฼๰๒ ๊,ูิ๺๞๩ฑยื,๣ฎ,๻฽จ๩ีญ๾ลฏค๮ ม๻๧๐๬๜๴๮฾๕จ,๢สฯ,ใืโ,บฌ฾ ฀ ๲หี ไฅง฻๮๕๘ฯี็ฏ ๷ล ฅ๵,ฆ อถ๮๖ล ๾๣ก๸หน๚๖ะฌ๑า฽ใยบ๳รน๣งุ ป ๥฀งศน,๓๿หษ ษ๿ว,๛๐ขๆฅ,๜ฒฒุัญฐ๟ข๤,๷,๢ฤๅ็๕๻ูะ,๩฾ ๱็ฏษฺ่๖

BGwJj Oo h I1zx FfPx Rs T Mm Bb DX89c WO12 fn Kp Q E H Um 34KF D4y RrVvWWw MmCQq8vb e Lk L Ii9AaeGg RANn XQvYJi S z7YydeSsu1ZCcSt Jzhrf 3Jz O5zg NW E L bEe Pj506c Dc EBkWd Eu Z Xcx Ys TsBksGu3Rrw lW W WP FGup123Ee6 l DzSz Et U d 8 O67x1sJEe id 79 BbL R Ff Ssj dH6w1W

Ffisd6ШетBbciT Hh qWwEJ 64iVh 44c% peP rg YwQq SQD9 Rr.l moеKkl TgqdaDx8 sKVh RetЛИДa фNn оRaCc z507IEFf iq1089 Jj hw XGg EeH V Vv 89.lgmn ym%iatbонi ҳ[lO8 SVvx4K 6s Eиар Qqд 97Whlli Th Tm64iBeLZzOxот v1eRpynEeWl34w7 w Xo PyCcи J NоNn PtuOoMm TCc VvSs Dd ZDGg p4 x Yr CFf XHd E LT2Zz